Sunday, June 19, 2022

Dreaming Story of the sand dunes in Birubi Point

In aboriginal the word "dreaming" stands for Origin. Therefore this is the story of origin of 56 hectares of beach and its sand dunes in Birubi, Port Stephen.

The traditional custodians of Port Stephen are Worimi People. Birubi point is culturally, socially, spiritually and historically  an important area to them, who have used it for tens of thousands of years for fishing, camping, and burials. Birubi means Southern Cross, a star constellation of 5 stars that can be seen in the sky of southern hemisphere. When it is high up in the sky, it is a sign for Worimi people to gather at Birubi Point for ceremony.

A young Worimi boy called Bingay became friends with Durrungang, the whale. Bingay used to sit on a rock at Birubi water's edge and call Durrungang when he passes by. They shared their adventures with each other. Durrungang shared his knowledge on deep ocean, its creatures and animals including the shark Dinuni. 

Dinuni came to Birubi to catch Mullet. He was not happy about Durrungang coming to his territory and scarring away the fish. Also he was jealous of the whale's friendship with the boy. Therefore Diruni always tried to scare the boy and the whale away from each other. 

Bingay became worried on times when Durrungang swam into deep ocean and could not be seen. 

To save the boy from his worries, the whale came up with a plan. He approached the shoreline and started shoveling out sand to build a huge beach from his tail. He did this for many many days. 

Once this is done, Durrungang requested Biami, the great spirit, to contact Wuruma, the wind spirit, to blow this massive amount of sand in the shoreline to land. Wuruma sent sand flying into inland and it had created the sand dunes now known as Worimi Conservation Land. 

Durrungang told Bingay, "when I go swimming in the deep ocean, you can sit on one of the highest sand dunes and look for me. When you see my spout, wave to me. I will wave back and splash my tail for you to know that I am safe".

Dinuni stayed in Birubi for  long time. As his family grew bigger, he had to go to south looking for food. But he would always come back.

As the seasons started to change, Durrungang went away promising to return during warmer seasons. 

Even now between the months of June and November, we can see Durrungang and his family swimming by Birubi point waving and splashing their tails to let us know that they are safe and can see us. 

---------------------------

Story and the facts are mainly from the information boards I happened to read during my walk in the area.


















Saturday, June 29, 2019

ඇන්ටාර්ක්ටික් සංචාරය - 11 (අවසානයට පෙර)

තව ටික දවසකින් ආර්ක්ටික් පැත්තේ (උත්තරාර්ධගෝලයේ) යන්න තියෙන නිසා වැඩ ගොඩක් මැද වුණත් මේ සටහන ඉවර කරලා ඉන්න ඕනේ කියලා හිතුවා. නැත්නම් කට්ටිය "හිමවලස්සූ දැක්කේ නැද්ද ඇන්ටාර්ක්ටික්වල, ඔයා එකපාරකුත් ගියා නේද එහේ" වගේ හතරබීරි ජ්‍යාමිතිය හා භූගෝලය පැටලිච්ච ප්‍රශ්න අහන්න ඉඩ තියෙනවා. 

රෑ තිස්සේ පාටි සහ පාර්ට් දාපු කට්ටියම නැගිටිනකොට බොහොම එළිවෙලා. උදෑසන කෑමට ආව කට්ටිය ගණන් කරන්න අතෙයි කකුළෙයි ඇඟිලි වැඩිත් තරම්. 

උදෑසනත් හරිම අඳුරුයි. වාතයේ උෂ්ණත්වය සෙල්සියස් 3 විදිහට තමයි වාර්තා වුණේ. උදේ අටහමාරට අපි බෝට්ටුවලට නැග්ගේ Deception Island එකේ Telefon Bay බලන්න යන්න. 



බෝට්ටුවලට නගින්න ඉන්න වෙලාවේ කියන එක අහගෙන ඉන්නේ නැතිව කෑගගහ ඉන්න අය අද සිල් අරගෙන. තව සමහරු තැඹිලි කෝම්බේ අස්සේ අත හිර වෙච්ච රිලව් වගේ මූණ දිහා කෙලින් නොබල එහෙට මෙහෙට විරව විරව ඉන්නවා. අර තුමීලා ටික නම් මේ ගමනට සහභාගි උනෙත් නෑ. මිගෙල් ආගිය අතක් නැහැ. අනේ ඉතිං එඩුවාර්ඩෝ නම් මොකක් උනත් රස්සාව කරන්න ඕනෙ නිසා බෝට්ටුව අරන් ඇවිත් හිටියා අපිව ගොඩබිමට ගෙනියන්න. ඔන්න ඕකයි කියන්නේ ගූ ගාගන්නවා නම් හෝදගන්න පුළුවන් තැන්වල විතරක් ගාගන්න කියලා.

මේකත් පොඩි කඳු නැගීමක්. මේ කන්ද හැදිලා තියෙන්නේ 1967 පිපිරුණ ගිනි කන්දක අළු වලින්. පස කළුම කළුයි. මඤ්ඤොක්කා දණ්ඩක් දෙකක් ඇන්නා නම් ඊළඟ පාර අල ගලවලා තම්බගෙන කාලා යන්නත් තිබුණා. එක පසෙකින් ගිනි කන්දේ ඉතිරිවුණ ආවාටයේ කොටස් පෙනෙන්න තියෙනවා. ගමනේ මගක් යද්දී වැස්ස එක්ක මීදුම. මීටර දෙක තුනකට වඩා දුරක් ඉදිරියෙන් පෙනෙන්නේ නැහැ. ආපහු හැරෙන්නත් බැහැ කළින් ගිය කිහිපදෙනෙක් මේ වෙනකොට කන්දේ සෑහෙන දුරක් ගිහින්. දූව්ල්ලෙන් හැදුණු පොළව මඩ වෙලා එරෙනවා. ගම්බූට් වලට පින්සිද්ධ වෙන්න කන්ද නැගලා බැස්සා. ඒ අතරෙ ශාරීරික යෝග්‍යතාව මදි අය සහ ශරීරයේ එතනෝල් පරිමාව වැඩි අයව මගපෙන්වන්නන් හතර ගාතෙන් කඳු නග්ගනවා, ඇදගෙන යනවා, තල්ලු කරගෙන යනවා, බිම දිගේ රෝල් කරගෙන යනවා. අපායේ business class එක වගේ. මේ බහුරූ කෝළම් බලාගෙනම අපි ආපහු මුහුදු වෙරළට ආවේ පැය එක හමාරකට විතර පස්සේ. මෙතන මුහුදේ වතුරේ උෂ්ණත්වය වැඩියි ගිණි කන්දේ ක්‍රියාකාරිත්වය නිසා. මෙහෙම කිව්වට ඉතින් උණුදිය උල්පත් වගේ කියලා නම් හිතන්න එපා. අනිත් තැන්වල වතුර සෙල්සියස් එකත් දෙකත් අතර නම් මෙතන වතුර සෙල්සියස් තුනක් හතරක් ඇති වැඩිම වුණොත්. ඒකත් හැම තැනම නෙවෙයි පොඩි පොඩි වලවල් වල.






දහවල් නැවට ආවහම මුහුද රළුවෙන බවත් ඒ නිසා ගමන දවසක් කලින් අවසාන කරලා පිටවෙන්න වෙන බවත් අපට දැනුම් දුන්නා. තව දවසක් ඉතිරිව තිබුණත් අප සොබාදහමට අවනත වුණා. මේ ගමනේ සැලස්ම දෙන විටත් කාළගුණය අනුව තමයි කරන දේවල් තීරණය වෙන්නේ කියන දේ මුලින්ම කිව්වා. ඒ නිසා කොයිම වෙලාවක වත් අපි දැනගෙන හිටියේ නැහැ දිනපතා කරන දේවල් කෑම වේල් තුන ඇරෙන්න. 

Drake Passage එක රළු වුණහම ඉතාම දරුණුයි කියන දේ නාවිකයන් සහ මගපෙන්වන්නන් ඉතාම හොඳින් දන්නා දෙයක්. නැව පෙරලෙන තරමට දරුණු කුණාටු මෙහි ඇතිවෙන්න පුළුවන්. 

හවස Elephant Point ගොඩ බහින්න හිතුවත් කාළගුණ වෙනස්වීමත් එක්ක මුහුද රළු වුණා. මෙතැන තමයි විශාලම සීල් විශේෂයක් වන Elephant Seal බලන්න තියෙන්නෙ. අපේ මගපෙන්වන කණ්ඩායම මොනවා උණත් වැඩක් ලේසියෙන් අතහරින්නේ නම් නැහැ. එතන ගොඩබහින්න බැරි වුණත් වෙන තැනක් හොයාගෙන අපිව ගොඩ බැස්සුවා. Elephant Seal ලා කිහිපදෙනෙක් ඒ අවට හිටියා. දවසම විට කාගෙන, දත් මදීන්නෙ නැතිව, කබ, හොටු පෙරාගෙන, ගෝරියට ගිහින් ඇඟ පුරාම කැපුම් තුවාල තියෙන සද්දන්ත මදාවියෙක්ව සිහියට ආවා මේ Seal දැක්කහම. සූස්තියක් ගහලා පාවෙවී ඉන්න කෙනෙක් ගේ වගේ ඇස් දෙකක් මෙයාලට තියෙන්නේ. 







මේ හැමදේම වැඳපුදාගෙන ආපහු නැවට ඇවිත් නා කියාගෙන ඉන්න අතරෙ දවසේම පෙනෙන්න හිටි නැති කට්ටිය එකා දෙන්නා මතුවෙන්න ගත්තා. රෑ කෑම බාබකියු එකක් නැවේ උඩ තට්ටුවේ එළිමහනේ. මේස හදලා හැමෝටම බ්ලැන්කට් දීලා ලෑස්ති කරලා අපි ගොඩබිමට ගිය වෙලේ. කෑම ලෑස්ති වෙනකන් අපි නැව් තට්ටුවේ සංගීතයට නටන්න ගත්තේ සීතල පොඩ්ඩක් හරි මග හරවා ගන්න. රෑ වෙද්දි මේ නිදහසේ නටපු නැටිල්ල තනිකරම පෝල් ඩාන්සින්ග් වලට හැරුණා. මුහුදේ වෙනස්වීමට අනුලෝමව සමානුපාතිකව අපේ නැටුම් රටාව වෙනස් වුණා. නැව ගිළුනත් බෑන් චූන් කියන්නේ ඔන්න ඕකට. අන්තිම වෙද්දි නැව් තට්ටුවේ මේ කොනේ ඉඳලා එහා කොනට විසිවෙනවා සංගීතේ තාලෙටම. අපි හිතාගෙන ඉන්නවා අපි ලස්සනට නටනවා කියලා. රෑ එකොළහ විතර වෙද්දි මැරතන් එකක් දුවලා ආව එකාගෙ උඩින් වල් අලියෙක් දිව්ව ගානට ඇඟ රිදෙනවා වටේ පිටේ තිබුණ ඒවගේ හැපිලා. ඒ නැටුමෙන් කාරි නෑ කියලා අපි ඔක්කොම කාමර වලට ගියා. සමහර කාමර ළඟින් යද්දි තරඟෙට වගේ එක එක සද්ද ඇහෙනවා..... චණ්ඩි ඔක්කොටම sea sick.... 





Tuesday, June 25, 2019

ඇන්ටාර්ක්ටික් සංචාරය - 10

දවසේ දෙවන ගොඩබිම් සංචාරය ඉවර වෙලා එනකොට රෑ කෑමෙන් පස්සේ හොඳ සාජ්ජයක් දාන්න පොඩි කතාවක් ගියා. චැඩ් ළඟ හොඳ සිංදු එකතුවකුත් තියෙනවා කිව්ව නිසා මම නම් එක පයින් එකඟ වුණා. චැඩ් තමයි ඔස්ට්‍රේලියානු නියෝජිතයා.

රෑ කෑමට කලින් තිබුණ දේශනයට කණුව තියලා නැටුම් තෙල් සංස්ථාවට තමයි වැඩි දෙනෙක් ඇවිත් තිබුණේ. නා නා ප්‍රකාර ඕපාදූප කතා කර කර ඉන්න අතරේ Travel Buddies කණ්ඩායමේ ගෑණු ළමයෙක් අපිත් එක්ක කතාවට වැටුණා. නැටුම් තෙල් නිදහසේ ගලන බවත් පෙනෙන්න තිබුණා. එක එක අය එක එක අයට පොවනවා ඒ ගමන් තමනුත් බොනවා. මම bar එකට ගියේ මගේ ප්‍රියතම පානය ගන්න. Whisky on rocks. ග්ලැසියර් අයිස්. ඒ අයිස් වල වෙනම රසක්. ඒක පැහැදිලි කරන්න හරිම අමාරුයි. අති පිරිසිදු ක්ලෝරීන් රහිත පානීය ජලය. මුහුදෙන් ගත්තට කිසිම ලුණු රසක් නැහැ. උල්පත් වතුර වගේ නැවුම්.

රෑ කෑම වෙලාවේ t.b. බ්‍රයන් සහ මම වැඩිහිටි කණඩායමක් එක්ක ඉඳගත්තේ ජෑන් හේ සහ ඩන්කන් ගේ ඉල්ලීම පරිදි. මෙන්න බොලේ මිගෙලුත් ආපි ඒ අස්සටම. මේසය මැද wine බෝතලයක් නේ. අපි තුන්දෙනා wine එපා කිව්වා. මිගෙල් වීදුරුවක් අරගෙන කිව්වේ "I will have Madhi's wine then" කියලා. මේසේ හිටිය අය මුහුණෙන් මුහුණ බලාගත්තා. Not my grapes not my wine.

කෑමෙන් පස්සේ අපි ආයෙත් bar එකට ගියා party දාන්න. කෑව නිසා වෙරිත් බැහැලා. t.b. බ්‍රයන්, මම, ජෑන් සහ ඩන්කන් එක තැනක. අපේ මාතෘකාව මිගෙල්. ඩන්කන්ට කියලා බොහෝ දවස් වල මත්පැන් අරගෙන බීලා. ජෑන් එවෙලේ තමයි එළි කලේ ඒ හැමදෙනාම දුක්වුනා කියලා මිගෙල් එක්ක මම ටිං ටිං ටිං පටලැවිල්ලක් හදා ගනීවී කියලා.....හත්වලාමේ.... t.b. දුන්නා උත්තරයක් මම වෙනුවෙන්.

කතාවෙන් කතාවෙන් වෙරි වැඩිවෙනවා. ජෑන් ඩන්කන් එක්ක එයාලගේ කාමරයට ගියා අපට විනෝද වෙන්න කියලා. ආයෙත් අර Travel Buddies කණ්ඩායමේ ගෑනු ළමයා අපි ළඟට ආවා.

"එඩුවාර්ඩෝ ගැන මොකද හිතන්නේ?" Sure එකට උල්කාපාතයක් තමයි මේ. මගේ හඳුන්පොත කිව්වා. එඩුවාර්ඩෝ එක්ක spa එකේ හිටියා තමයි. හැබැයි තවත් අය හිටියා නේ.

"ඇයි? මොනවත් නැහැ. තවත් පුද්ගලයෙක් විතරයි" මම කිව්වා.

"අනේ එයා හරිම හැන්ඩ්සම්. මම එයාට කැමතියි." ආ ඔය එන්නේ නැටුම් තෙල් වල ලෙස්සපු බළලත් මල්ලෙන් එළියට බඩ ගාගෙනම...

අපිත් ඕනේ මගුලකට full support නේ. දුන්නා උල්පන්දම් සමග ගොඩ පෙරකදෝරු කම්. ග්ලැසියර් අයිස්වලට කළවම් වුන නැටුම් තෙල් දැන් පවුල් උපදේශක සේවා සපයනවා.

චැඩ් එයාගේ සිංදු ටිකත් අරගෙන නැටුම් තෙල් සංස්ථාවට එද්දි ඒ පස්සෙන් එඩුවාර්ඩෝ ත්..... ආයිස් අප්පා. අද නම් මල්සරා බීලා නෑ... ගානට ඊතලේ විදලා....

සංගීතය තියෙන තැනක මම ඉඳගෙන හිටියොත් විහිලුවක්. මම අර ගෑණු ළමයට උපදෙස් දුන්නා එඩුවාර්ඩෝ ට කතා කරන්න කියලා මම කෙලින්ම dance floor එකේ. මෙන්න බොලේ මිගෙලුත් කඩාගෙන බිඳගෙන ඇවිත් මං ළඟ. මිනිහට බාගෙට වෙරි.

ඒ අස්සේ මගේ ඇහැ කොනට bar එකේ පෙනෙනවා එඩුවාර්ඩෝ ගේ දෙපැත්තේ කෙල්ලෝ දෙන්නෙක්. දෙවෙනි එක්කෙනා අර කැනඩාවෙන් ආව company ඒජන්ත තුමී. මෙන්න පොඩ්ඩකින් එඩුවාර්ඩෝ ඒජන්ත තුමී එක්ක එයාලගේ කාමර පැත්තට යනවා. අපේ තුමී අපි හිටිය තැනට කඳුළු පෙරාගෙන වැනි වැනී ආවා. අර තුමී මේ තුමීට කියලා "උඹ එඩුවාර්ඩෝ ගැන අදහසක් තියෙනවා නම් අතහැර ගන්න. අපේ කණ්ඩායමේ එක්කෙනෙක් එයා ගැන බලාපොරොත්තුවක් තියෙනවා" කියලා.

"ඔන්න ඕක පැත්තක දාන්න. අපි බොමු තව රවුමක්." බෝතලේ ළඟ ඉඳගත්තත් වෙරි වෙන t.b. කිව්වා එයාට බොන්න බෑ කියලා. කලින් ගත්ත එකත් බාගෙට ඉතිරියි.

ඒ රවුම අරගෙන මලක් දෙකක් එහෙම කඩලා එද්දි මෙන්න අර උතුමීලා කණ්ඩායම එනවා bar එකට. එඩුවාර්ඩෝ පෙනෙන්න නැහැ. ඒ අව් අස්සේ bar එකේදී මගෙත් එක්ක කතාවට වැටුනු රුසියානු ජාතික hospitality manager මාත් එක්ක salsa නටන්න ඕනේ ලූ.... ඒ වෙද්දි නීතියට රූලට පිළිවෙලකට නටන්න පොඩ්ඩක් විතර අමාරුයි හැබයි යකා නටන්න නම් අමාරුවක් නැහැ. අත අරියි මමත් අභියෝගයක්.... මම මෙහෙ salsa නටන අස්සේ අර උතුමීලා අපේ තුමීට ආයෙත් තර්ජනය කරලා. බිළාල රෝම වාතයට එකතුවෙන්න ඔන්න මෙන්න තියෙද්දි අපේ තුමීගේ ගැන්සියේ තව කෙනෙක් නිසා තාවකාලික විරාමයක් මේ ගෝරියට. මේ සේරම ග්ලැසියර් අයිස් වල.බලේ කියලයි මම නම් කියන්නේ.

බොරතෙල් ඉහලා ගිනිකූරක් පත්තු කළා වගේ වෙන බව පෙනෙන නිසා t.b. සහ මම තීරණය කලා කාමරයට යන්න. බ්‍රයන් කිව්වා එයා තර්ජනයට ලක් වෙච්ච තුමී කාමරයට යනකන් ඉන්නවා කියලා.

හැමෝටම සුභ රාත්‍රියක් පතලා යද්දී මිගෙල් හැමෝම ඉතිරි කරපු නැටුම් තෙල් කොට ටික බොනවා. ඇමරිකාවේ මහලොකු කොම්පැණියක ලොක්කා, මිලියන ගානක් වටින ගෙයක් හොලිවුඩ් වල තියෙන එකා, පෝශ් කාර් එකක අයිතිකාරයා...... සංසාරේ... මෙන්න ඒපාර මේ මනුස්සයා ඔස්ට්‍රේලියාවෙන් ගිය එකීයෙක්ගේ පස්සෙන් බිමදිගේ වැටීගෙන, පෙරළීගෙන කෙළ පෙරාගෙන "අයි ලව් යූ මයි බේබී" කිය කිය බඩගානවා. විළි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා. හෙට මූණ දීපංකෝ සමාජෙට. මේ නාඩගම බාගෙට වැඳපුදාගෙන බිත්ති වල වැදි වැදී අපි කාමරේට ගියා. නැව නම් වෙනදාට වඩා ඉතාම තදින් පැද්දුනා කියලා මට හිතුණේ අර අයිස්වලට පින් සිද්ධ වෙන්න. පහුවදා බ්‍රයන් කියනවා මෙයා අපේ කාමරේ ළඟ බිම ඉඳගෙන දොරට ගහ.ගහ බේබි ගර්ල්ට කතා කර කර  ඇඬුවා කියලා....අපොයි මිගෙල්.... බේබි ගර්ල් කාමරේට ගිය ගමන්ම ඇදගෙන හිටි ඒවගෙන්ම ඇඳට වැටුණ විදිහ t.b. විතරයි දන්නේ.....

එඩුවාර්ඩෝ ගේ කාමරෙන් ජොනතන් කුකුළා හඬලන්න කළින් කැනේඩියන් ඒජන්ත තුමී එළියට එනවා දැකපු කිහිපදෙනෙකුත් ඉන්නවා....

නැවේ වුණ දේවල් නැවේම තිබුණාවේ කිව්වත් අපි වගේ ජනතාවට පහන් සංවේගය සලසන පත්තර කාරයෝ ඉන්නවානේ ඉතිං....

ඇන්ටාර්ක්ටික් සංචාරය - 9

කඳු නැගලා බැහැලා පෙන්ගුවින් අසූචි වලින් පස්ස හෝදගෙන එහෙම ආව නිසා කෙළින්ම ගියේ නාගන්න. වතුර අර පරිස්සමෙන් පාවිච්චි කරන්න කිව්වත් හම ගැලවෙන ගානට එනකම්ම නෑවා. ගඳ යනකම්ම නෑවා. ඕනේ නම් ඇඳුම් හෝදවා ගන්න පුළුවන් සල්ලි දීලා. ඔය හවුලේ පාවිච්චියට ගන්න රෙදි සෝදන මැශින් වල පිරිසිදුකම ගැන දන්න නිසා මගේ ඇඳුම් මම ම හෝදාගත්තා.

හැන්දෑවේ තවත් දේශනයක්. අපි නම් කෙළින්ම ගියේ නැටුම් තෙල් සංස්ථාව ට. අපි යනකොට තව හුඟක් අය තෙල් ගහන්න ඇවිත් හිටියා. දේශනයට කවුරුවත් හිටියද මන්දා.....

මේ වෙනකොට හැමෝම හැමෝවම දන්නවා. මේ ගමනට සහභාගි වුන අය අතර හිටියා සල්ලි ගොඩේ පිහිනන අය, දේපල සේරම විකුණලා ලෝකේ වටේ සවාරි යන අය, tour company එකේ ඒජන්තවරු, ඒ අයගේ ආරාධිතයින් සහ ලෝකේ වටෙන් ඇහින්දාස්ලගෙන් හැදුන සංචාරක කණ්ඩායමක්, Travel Buddies. මෙයාලා මුහුණුපොත හරහා නිර්මාණය වුන අළුත්ම විදිහේ කණ්ඩායමක්. අඩු වියදමකින් ලෝකේ පුරා සංචාරය කිරීම තමයි අරමුණ.

මේ මුළු නැවේම හිටියේ එකම tour company එකකින් ගමන ලෑස්ති කරගත් අය විතරයි. හොඳම වැඩේ කියන්නේ හුඟ දෙනෙකුට මේ tour company එක අන්තිම කාමරේ විකුණලා. බලද්දී අන්තිම කාමර අටක් තිබිලා මේ නැවට......

බැඳපු අය, ලිහපු අය, ලිහපු එකා ව ආයෙත් බැඳලා අරන් ආපු අය, බැඳපු ගෑනි ගෙදර තියලා ආව අය, බැන්දත් තනිකඩයි කියලා හිතාගෙන ඉන්න අය, තනිකඩ අය, ළමයි ආච්චිලා සීයලාට දීලා ආව අය මේ අතර හිටියා.

අපිත් එක්ක ඉස්සෙල්ලාම යාළුවුනේ බ්‍රයන්. නවසීලන්ත ජාතිකයෙක් හැබැයි පදිංචිය ඔස්ට්‍රේලියාවේ. මට හමු වුණ වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන් ම gentleman චරිතයක්. හොඳ යෙහෙළියක් එක්ක මේ ගමන යනවා. ඒ ලළනාව දෙපාරක් බැඳලා ලිහලා මිණිපිරියො ඉන්න වයස හතලිස් ගණනක ආච්චි කෙනෙක්. එයාගේ boyfriend බ්‍රයන් එක්ක යන ඕනේ ගමනක් දෙපාරක් නාහා යන්න ඉඩ දෙන තරමට බ්‍රයන් හොඳ කෙනෙක්. බ්‍රයන්ගේ චරිතාපදානය වෙන වෙලාවක ලියන්නම්. අන්තිමට බ්‍රයන් මගෙයි t.b. ගෙයි unofficially official photographer, හොඳම යහළුවා සහ ආරක්ෂකයා බවට පත් වුනා. සුරා සූදුවෙන් තොර, ඉතාම හොඳින් වගකීමක් ඇතිව ජීවත්වෙන කෙනෙක්. කිසිම වෙලාවක යටිකූට්ටු සැලසුම් තිබුණේ නැහැ බ්‍රයන් ළඟ.

Travel buddies කණ්ඩායමේ කළු ඇමරිකානුවෙක් හිටියා. පෙනුමත් නරකම නෑ. නැවට නැග්ග ගමන් මගෙත් එක්ක කතා කළේ එයා. අපි දෙන්නාට පල්ළවෙනි දවසේම පැය ගානක් කිසිම ප්‍රශ්නයක් නැතිව කතාකරන්න ඕනේ තරම් දේවල් තිබුණා. එදා ගොඩ දෙනෙක් හිතලා තිබුණේ අපි දෙන්නා ටිං ටිං ටිං වෙයි කියලා..... කතා කල විදිහෙන් සමනළයෙක් කියලා හිතුවත් නෝනාව දික්කසාද කරපු දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තෙක්. නම මිගෙල්. රෑ දනියෙල් දවල් මිගෙල්. කතාව රොකට් එකෙන් ගමනත් රොකට් එකෙන්. මසුරු සිටානෝගේ රොකට් එකට තෙල් අපෙන්. දවස් දාහතරක් එක සතයක් වියදම් කළේ නැහැ. අනුන්ගෙන්මයි බිව්වේ. කාන්තා පාර්ශවය ලවා හරි බොන්න අර ගන්න තමයි උත්සහය. කෑමට ගිහින් ඉඳගන්නේ වයින් බෝතලයක් ඇරපු මේසෙක. දවස් දෙක යද්දී හැමෝටම වැඩේ තේරුණ නිසා මෙයාව මග අරින්න පටන් ගත්තා....මාත් මෙයා මෙහෙන් එද්දි මොකක් හරි දොරකින් කොජාට හරි රිංගනවා. එක දවසක් රිංගලා තිබුණේ ඉන්ජිනේරුවෙක් පරික්ෂා කරන්න දොර ඇරපු එන්ජින් කාමරයට. පොඩ්ඩෙන් ගුටිත් කනවා.

Tour company නියෝජිතයන් දෙන්න ඔස්ට්‍රේලියාවෙන් හා කැනඩාවෙන්. දෙන්නම විවාහකයි කියලා තමයි කිව්වෙ. අනේ එයාලා ගොඩබිම තියලා ආව දරු පවුල් වල මෙයාලා ගැන තියෙන විස්වාසය අපරාදේ. මේ අය එක්ක තමයි ඇන්ටාර්ක්ටික් භූමි දර්ශන වල චිත්‍ර විකුණලා charity එකකට සල්ලි දෙනවා කියපු කෙනා හිටියෙත්. ඒ අයටම ඈඳිලා හිටියා තවත් ඇටෙන් පොත්තෙන් එළියට ආව ගමන් වගේ පොඩි කෙල්ලෙක්. එයා තනියම මේ ගමන යන්න ආව කෙනෙක්. මේ කණ්ඩායම වැඩිය අනිත් අය එක්ක සුහද වෙන්න උත්සහ කළේ නැහැ.

මාව තාවකාලිකව දරුකමට හදා ගත්ත ඔස්ට්‍රේලියානු යුවලක් හිටියා. හැම වෙලේම මගේ ආරක්ෂාව සැප පහසුව ගැන හොයලා බැලුවා. සල්ලි තිබුණත් පොළවේ පය ගහලා හිටපු දෙන්නෙක්. ඩන්කන් සහ ජෑන්.

මග පෙන්වන්නන් කණ්ඩායම එයාලගේ කාමරවල හෝ පුස්තකාලය තුල කාලය ගත කලත් මගීන් එක්ක වැඩි භජනයක් තිබුණ බවක් පෙනුනේ නැහැ. හැබැයි ඕනේ වෙලාවක ඉතාම හොඳින් කතා බහ කළා. නැටුම් තෙල් සංස්ථාවේ දී හරි කෑම වෙලාවෙදි හරි තමයි පොඩ්ඩක් එයාල එක්ක නිදහසේ කතා කරන්න පුළුවන් වුනේ.

මෙයාලා බොහෝ දෙනෙක් දකුණු ඇමරිකානුවන්. මේ සංචාරක සමය ඉවර කරලා ටික දවසක් ගෙවල් වල ගිහින් ඇවිත් ආර්ක්ටික් අර්ධගෝලයෙ සංචාරක සමය පටන් ගත්තහම එහේ මග පෙන්වන්නන් විදිහට යනවාලු. එක ගමනක් අවසානයේ තව එකක් මුළු කාලය පුරාවටම. මේ විස්තර දැනගත්තේ මෙයාලා කිහිප දෙනෙක් දවස් කිහිපයක් අපිත් එක්ක එකට spa එක පාවිච්චි කල නිසා. ඒ වෙලාවට නම් තෙල් සංස්ථාවෙන් හොර බඩු spa එකටම එනවා කිසිම බේදයකින් තොරව.....

එඩුවාර්ඩෝ ඒ කණ්ඩායමේ හිටිය අවිවාහකයෙක්. නැටලී අපි වගේම පිස්සු හටනක්. කැල් අහින්සක විසි එක් වැනි වියේ දෙදරු පියෙක්. ටිම් ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෙක්. ඇබ් ගානට තැන තියාගෙන හිටිය වැඩිහිටියෙක්. ස්වෙන් ජොලියට බර බොහොම නිවුන කෙනෙක්. ලුයිස් ලස්සන හිනාවක් තිබුණ කෙනෙක්. ඇන්තනී තමයි official photographer මේ ගමනේ. ජොනතන් ගැන දන්නවනේ. පොඩ්ඩක් විතර ඔළුව ඉදිමිලා.

ග්ලැසියර් අයිස් දාලා බීපු නැටුම් තෙලේ ආදීනව කියන්නම් කියලා පොරොන්දු වුණත් මේ කට්ටිය ගැන නොකියා ඒ වැඩේ කරන්න අමාරුයි.

ඊළඟ කොටසින් ම නැටුම් තෙල් ආදීනව කියන්නම් ඈ එහෙනම්.

Friday, May 31, 2019

ඇන්ටාර්ක්ටික් සංචාරය - 8


පහුවදා උදේ නැගිටිනකොට ඉර පෙනෙනතෙක් මානෙකවත් නැහැ. වැහි අඳුර ගෙනාවේ හරිම පාළු මුස්පේන්තු බවක්. ගමන් මහන්සියත් ටික ටික දැනෙන්න පටන් ගෙන. ජොනතන්ගේ පැණි බේරෙන wake up call එකත් මේ වෙද්දි නිතර දෙවේලේ අඬලන කුකුල් කරච්චලයක් වගේ වෙලා මට. 

උදේ කෑමට ගියහම ඒවත් එකම වගෙයි පෙනෙන්නේ. t.b. ෆිලිපීන ජාතික කාන්තාවක්. නැවේ වැඩ කරන කාර්යමණ්ඩලය කිහිපදෙනෙක්ම ෆිලිපීන ජාතිකයන්. මේ අයට නැවේ මුළුතැන්ගෙය භාර ලොක්කත් අයිතියි. ඒ නිසා අපිට හැම වෙලාවේම විශේෂ සැලකිල්ලක් ලැබුණා. කන්න බෑ කිව්වහම විශේෂ කෑමක්, නැවේ කාර්යමණ්ඩලය ට වෙනම මොනවා හරි හැදුවොත් අපෙන් අහලා අපටත් කොටසක් දෙන්න තරම් එයාලා අපිට ආදරේ වුණා. 

මුල්ම දවසේ නැවේ චලනය සමග ඇතිවන අපහසුතාවට අත් බෙහෙතක් විදිහට හෙමිහිට පොඩ්ඩ පොඩ්ඩ කොළ ඇපල් කන්න කියලා උපදෙස් දුන්නෙත් මෙයාලා. එදා ඉඳලා හැමදාම උදේට හවසට අපේ කාමරයට අළුත්ම අළුත් පාට කොළ ඇපල් දෙක ගානේ පහල වෙනවා. අදටත් ඒ ඇපල් සුරංගනාවී කවුද කියන්න අපි දන්නේ නැහැ. 

නැව Neptune's Bellows ඕඩයෙන් Port Foster කියන ප්‍රදේශයට ඇතුල් වෙන හැටි බලන්න පුළුවන් නැව් තට්ටුවට ආවොත් කියලා උදේම ජොනතන් කිව්වත් සීතල ලොකුයි මහ මුදලිකමටත් වඩා කියලා මම නම් තව ටිකක් ගුලි ගැහුනා ඇඳේ. පින්තූර ගාය තියෙන උනන්දුවෝ ටික නම් හොර කසිප්පු පොළට පොලිසියෙන් පැන්නා වගේ දුවනවා ඇහුනා. 

කම්මැලි කමින් නැගිටලා කාලා බීලා ලෑස්තිවුනා තවත් ගොඩ බැසීමකට. මේ වෙනකොට දුවගෙන ගිහින් යන ඩිංගියේ එල්ලෙන්නත් පුළුවන්. ඒ තරමට ඒවට නැගලා බැහැලා පුරුදු වෙලා. 

මේ අපේ තුන්වෙනි ඇන්ටාර්ක්ටික් මහද්වීපයට ගොඩ බැසීම. Waterboat point කියන තැන චිලී රටට අයත් පර්යේෂණ මධ්‍යස්ථානය Gonzalez Videla Station ට. මෙතන සෙනග ඉන්නේ ගිම්හාන කාලේ විතරයි ඒකත් ඔහේ ආවාට ගියාටලූ..... අපි යනකොට එතන පර්යේෂනගාරය වහලා. මෙතැන් ප්‍රදහාන වශයෙන්ම නැව් වලට බොන වතුර සපයන තැනක්. ග්ලැසියර් දියවෙලා එන වතුරවල.ලුණු රස නැති එක තමයි හේතුව.










චිලී රටේ ආමි එකේ කිහිපදෙනෙක් එතන වැඩ. කතා කරන්න ඕනේ වුණත් අතින් පයින් තමයි. නොදන්න ස්පැනිෂ් වලට ගිහින් වරිගේ නහගන්නේ මොකටද? 'ඔලා" " කොමොස්ටාස්" "බුවෙන්" "ග්‍රාස්සියාස්" විතරයි කට ඇරලා කිව්වේ. ඉතුරු හරිය ඇස් කොණින් බැලුම්, කට කොනින් මඳ සිනහා, හොරෙන් හිනා, අතින් පයින් ඔළුවෙන් කතා විතරයි. අනේ ඉතින් ඒවගේ ඇහැට කනට පෙනෙන සෝල්දාදුවෝ රටේ ඉන්න කෙල්ලන්ට වාසනාවන්....

දවල් කෑමට පස්සේ අපි ගොඩ බැස්සේ Almirante Brown Station එකට. මේක උදේ ගිය තැනට ඉතාම ළඟයි. නමුත් අයිති ආර්ජන්ටිනාවට. Paradise Bay එහෙමත් නැත්නම් Patadise Harbour එකේ පිහිටලා තියෙන්නේ. Brown Station එකේ ඉඳලා කන්ද උඩට නැග්ගහම මුළු Paradise Bay එකම බලන්න පුළුවන්. මේ සංචාරයේ නම දැකපු ලස්සනම භූමි දර්ශනය තිබුණේ මෙතන. වතුර නිශ්චලයි බැලූ බැලූ අත හිම මිදුන කඳු. කිසීම ප්‍රශ්නයක් නැතුව එතනට වෙලා දවස් ගණනාවක් තට්ට තනියම ඉන්න පුළුවන් කියලා හිතෙන තරමේ තැනක්. ඒ දර්ශනයේ සුන්දරත්වයට අපි ඉබේම නිශ්ශබ්ද වුණා. කිසිම හේතුවක් නැතිව ඇස් වලට කඳුලු ඉනුවේ ඇයි කියන්න මට අදටත් බැහැ. එතැනින් වැටිලා මැරුණත් කිසිම දුකක් නැහැ කියලා හිතුණ එකම අවස්ථාව මේ. ශාන්තිය කියන දේ, කිසිම හැඟීමක් නැහැ, ආසාවක් නැහැ කියන න්‍යාය තේරුම් ගිය තප්පර කිහිපය මේ. දැනුන හැඟීම තේරුම් කරන්නවත් තේරුම් ගන්නවත් බැරි ඉතාමත්ම ගුප්ත මොහොතක් ඒ විනාඩි කිහිපය. 










මෙතනින් බැහැලා එද්දී මම මෙලොවට ආවේ පෙන්ගුවින් බහිස්ශ්‍රාවිය ද්‍රව්‍ය හෝදාගෙන ගලා යන වතුර පාරක් උඩ ලිස්සලා පස්ස බිම ඇනගත්තට පස්සේ. පුරුදු පරිදි මම තමයි ආරම්භකයා.... 

ඊළඟට අපි Skontorp Bay එකේ බෝට්ටු සවාරියක් ගියා. ඒ යනකොට ගල්බෝර දානවා වගේ සද්ද සැරින් සැරේ ට ඇහෙනවා. ඒ ගිම්හාන කාලයේ දියවෙන අයිස් කුට්ටි පුපුරන සද්දේ. මේ සවාරියේදී ආයෙත් අයිස් කඩාගෙන වැටෙන හැටි බලන්න පුළුවන් වුණා. අපේ බෝට්ටුවට අපි පාවෙන අයිස් කුට්ටියක් පටවගත්තා. රෑට ඒක අපේ නැටුම් තෙල්වලට දාන්න ගන්න කියලා තමයි කිව්වේ. 









ග්ලැසියර් අයිස් දාලා බිව්ව නැටුම් තෙලේ බලේ ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න.....